පුවත්

ඇමතිනී ඩයනා හා මන්ත්‍රී දෙපල අත්හිටුවීමට තීන්දුවක්

Published

on

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය, සමගි ජනබලවේගයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු පුස්තකාල පරිශ්‍රයේ ඇතිවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව සිදු කළ පරික්ෂණයේ වාර්තාව අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබුණේ රාජ්‍ය ඇමතිනියගේ සහ අදාල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු කටයුතු මාසයක කාලයකට අත්හිටුවීමට පියවර ගන්නා ලෙසයි.

(මූලාශ්‍රය : ඩේලිමිරර්)

Trending

Exit mobile version