වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම්දී ඇතිබව වාර්තා වේ.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මීට පෙර ඇමැති ධූරයන්හි ඉන්ධන දීමනාවට අමතරව මන්ත්‍රී ධූරයේ ඉන්ධන දීමනාවද ලබාගෙන තිබුණි.
තමන්ට අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බව වර්තමාන රජයේ එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු සිටින දුර අනුව ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් හිමි වේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට හතර හමාර දක්වා වටිනා ඉන්ධන දීමනාවක් හිමිවන බව සඳහන්ය.
ඒ අනුව වැඩිම ඉන්ධන දීමනාවකට හිමිකම් කියන්නේ උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
වාර්තා වන පරිදි අමාත්‍යවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ පළමු අවස්ථාවද මෙයයි.
මූලාශ්‍රය – ලංකාදීප