Connect with us

පුවත්

ඇමතිලා වෙන්න බලන් සිටින මන්ත්‍රීලා‌ පිරිසකගේ සනුහරේටම වාසි ‌බෝවෙයි

Published

on

ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පවුලේ සාමාජිකයන්ට එවැනි තනතුරු සහ වාහන දැනටමත් පිරිනමා ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අලුතින් ඇමැතිධුර ලබාදීම ප්‍රමාද වෙමින් තිබෙන තත්වය යටතේ එම මන්ත්‍රීවරුන් කිසියම් ආකාරයකට සැනසීම  සහ ඔවුන් රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇතැයිද   ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස තනතුරු සහ විවිධ වරප්‍රසාද ලැබෙන බව පැවසෙන්නේ ඇමැතිධුර බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ පවුලේ එක් සාමාජිකයකුටය.

කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් ඇමැතිධුර මිස වෙනත් වරප්‍රසාද ලබාගැනීමට කැමැත්තක් නොදක්වන තත්වයක් පවති​න බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවත් දස දෙනකුට ඇමැතිධුර ලබා දෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටී. එහෙත් රජය විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම  ප්‍රමාද කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා  එල්ල වෙමින් පවතී. එසේම යම් යම්  තීරණාත්මක පනත්වලදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවටද ඇතැමෙක් අනතු​රු ඇඟවීම් කරති.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved