පුවත්

“ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු”

Published

on

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (17) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෝමාගම ආසනයේ ජනහමුවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65000 කට වැඩි මුදලක් පොලු තියා ඇති බවත් ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කර ඉදිරියේදී තවත් බදු වර්ග දෙකක් ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

Trending

Exit mobile version