ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය දිසා අධිකරණ විනිසුරු නියෝග කර තිබේ.
ඒ, කැලනිවේලි වතුයායේ බීරුට් තේ කර්මාන්ත ශාලාවට තුළට බලහත්කාරී ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙනි.
ඒ අනුව අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ලබන මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර ඇති බව සඳහන්ය.