පුවත්

ඇමරිකානු නඩු තීන්දුවක් නිසා ලංකාවේ විදෙස් වත්කම්වලට බලපෑමක්!

Published

on

ඩොලර් මිලියන 257 කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැරහැරීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම එක්සත් ජනපදයේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාල මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාල නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නියමිත ය.

මේ අතර විද්වතුන් පෙන්වා දෙන්නේ විදෙස් අධිකරණයක් ණය සම්බන්ධ නඩුවකදී, ශ්‍රී ලංකාවට එරෙහිව තීරණයක් ගතහොත්, මෙරට විදෙස් වත්කම් අත්පත් කර ගැනීමේ අවධානමක් ද උද්ගත විය හැකි බවය.

2012 වසරේ දී ආර්ජන්ටිනාවට අයත් නෞකාවක් ගානා වරායකදී අත්පත් කර ගැනීමේ සිදුවීම ඊට උදාරණයක් බව විද්වතුන් පෙන්වාදෙයි.

අම‍ෙරිකානු ආයතයක්, ආර්ජන්ටිනාව ණය පැහැරහැරීමක් සම්බන්ධයෙන් ගානා උසාවියකදී ගොනු කළ නඩු තීන්දුවකට අදාලව මෙම අත්පත් කර ගැනීම සිදුව තිබුණි. 

මූලාශ්‍රය – නිවුස් ෆස්ට්

Trending

Exit mobile version