Connect with us

පුවත්

ඇමරිකානු හැමිල්ටන් බැංකුව හා රාජපක්ෂ – කබ්රාල් ගිවිසුම් ගැන වාර්තා ඉල්ලයි

Published

on

ඇමරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව (HRB) ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීම සහ එම බැංකුව රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටී.

ඔහු දිවයින පුවත්පත වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

එම බැංකුව සතුව මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා ඇති බවත් එහි මූලික මුදල් හා පොලී සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ ජුනි මාසයේදී නඩුවක් ගොනු කර ඇති බවත් හෙතෙම කීවේය.

මෙකී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මතුව ඇති සැකය හේතුවෙන් එකී නඩුව සඳහා ඇමරිකානු ආණ්ඩුව ද මැදිහත්ව ඇති බවත් රණවක මහතා කීවේය. 

අදාළ බැඳුම්කර මිලදී ගැනීමේදී හැමිල්ටන් බැංකුවේ නියෝජිතයකු මෙරට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ යම් එකඟතාවකට පැමිණීම පිළිබඳ වාර්තාවක් අන්තර්ජාතික ෆයිනෑන්ෂල් ටයිම් පුවත්පත වාර්තා කර ඇති බව ද හෙතෙම කීවේය.

මෙම බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළ තුළ ලබා ගත්තේ කිනම් මුදලකට යන්න පිළිබඳව මහ බැංකුව උත්තර දිය යුතු යැයි ද මෙරට ජනතාවට ඉන්ධන, විදුලිය, බෙහෙත් නැති කර හෝ ඉතුරු කරගත් ඩොලර්වලින් මෙම බැඳුම්කරය කෙසේ හෝ ගෙවන බවට එකඟතාවකට පැමිණ තිබුණාද, එබැවින් මෙම බැඳුම්කර එම බැංකුව මිලට ගත්තා ද, එයින් කෙතරම් කොමිස් මුදලක් අප රටේ අයට ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් යුක්ති සහගත පරීක්ෂණයක් අවශ්‍ය බව ද පාඨලී මන්ත්‍රීවරයා කීවේය.

2022 වසරේ මාර්තු මස ඩොලර් මිලියන 500 ක මෙවැනිම ආකාරයේ බැඳුම්කරයක් පියවා දැමීම පිළිබඳ සැකයක් මතුවන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved