ජල සම්පාදන අමාත්‍යවරයාගේ කාර්යාලයේ වියදම්වලින් (පුනරාවර්තන) මේ වන විට මසකට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ඉතිරි වන බව වාර්තා වේ.
හිටපු අමාත්‍යවරයාගේ පාලන කාලයේ ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන, ආහාරපාන ආදියට දැරූ වියදම් ඉතිරි වීමෙන් මෙම මුදල ශේෂ වී ඇති බවද පැවසේ.
හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස 20 දෙනකු සේවය කර ඇති බවද වාර්තා වේ.
පැවැති රජයේ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජීවන් තොණ්ඩමන් මහතාය.
මූලාශ්‍රය – දේශය