රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි.
උපරිම ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ දැනුම් දීම අනුව එම රජයේ බංගලාවලට මෙසේ යුද හමුදා භට පිරිස් යෙදවූ බවයි පැවසේ.
හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රජයෙන් ලබාදී තිබූ බංගලා 28ම රජයට බාරදී අවසන් බව අමාත්‍යාංශය පවසයි.
එම ආරංචි මාර්ග සඳහන් කළේ රජයට බාරගත් බංගලාවල බඩුමුට්ටු සම්බන්ධයෙන් වෙනම කරුණු සොයා බැලීමක් මේ දිනවල කරගෙන යන බවය.