ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නයි තමන්ට පාර්ශව ගණනාවකින් ඉල්ලීම් ලැබී ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ බහුතර සාමාජිකයන්ද එම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
“මගෙන් ඉල්ලම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක් ආගම්වල නායක තුමන්ලා ඒ ඉල්ලීමම කරලා තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් කල්පනා කරලා මම ඉදිරි සති කිහිපය තුළ තීන්දුවක් ගන්න ඉන්නේ.”
“අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ ඉදිරියේදී නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ.”