පුවත්

ඇමෙරිකානු රාජ්‍ය ලොක්කෙක් ඉන්දියාව හරහා ලංකාවට!

Published

on

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එළඹෙන අගෝස්තු 20 වැනිදා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් මහතා මෙසේ මෙරට සංචාරයක් සදහා පැමිණෙන බවය.

ඔහු අද (17) දිනයේ සිට ලබන 20 වන දින දක්වා ඉන්දියාවේ ද සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි පැවසේ.

ඒ ඉන්දියාවේ බැංග්ලෝර් හි පැවැත්වෙන ජි-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමේ අමෙරිකානු ප්‍රධානියා ලෙසය.

අගෝස්තු 23 වන දින දක්වා මෙරට රැඳී සිටින ෆික් මහතා රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම මෙන්ම තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් නිදහස පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Trending

Exit mobile version