ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් හෙට (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙලෙස පැමිණෙන්නේ අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) හි ප්‍රධාන විධායක නිලධාරී – ස්කොට් නේතන් මහතාය.
දෙදිනක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත ඔහු, මෙරටට ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ DFC විසින් කොළඹ වරයේ සිදුකරන නව ආයෝජනයක් දියත් කිරීමේ උත්සවයක් වෙනුවෙනි.
ඊට අමතරව ඔහු, ඔහු Citizens Development Business Finance (CDB) වෙත DFC විසින් සිදුකරන ආයෝජනයක් සඳහා අත්සන් තැබීමේ උත්සවයකට ද සහභාගී වීමට නියමිතය.
තවද, නේතන් මහතා මෙරට ප්‍රධාන වාණිජ හා සංවර්ධන බැංකු වල ප්‍රධානීන්ව මෙන්ම ශ්‍රී ලංකා රජයේ ඉහළ තලයේ නිලධාරීන්ද හමුවීමට නියමිත බව වාර්තා වේ.