පුවත්

ඇල්පිටියට NPPඑකෙන් පුරුදු කාරයෝ එකයි, 14ක් කෝඩුකාරයෝ 

Published

on

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරීපත්ව ඇති ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 15දෙනා අතරින් එහි කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා මහතා හැරෙන්නට අනෙක් සභිකයෝ 14දෙනාම මෙවර එම ප්‍රාදේශීය සහාවට පත්ව ඇත්තේ පළමුවරටය.

නිශාන්ත පෙරේරා මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.

ඔහු මෙවර මහ මැතිවරණය සඳහා ද ජාතික ජනබලවේගයෙන් ගාලු දිස්ත්‍රික්කයට තරගකරනු ලබන ලයිස්තුවට ඇතුළත්ව සිටී.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ (26) පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාශ 15 ක බලය හිමිකරගෙන ඇති අතර කොට්ඨාශ 2 ක බලය සමගි ජනබලවේගය විසින් හිමිකරගෙන තිබේ.

සමගි ජනබලවේගය දිනාගෙන ඇත්තේ පිටුවල හා අවිත්තාව යන කොට්ඨාශ දෙකය.

එම සභිකයන් දෙදෙනාද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයන් දෙදෙනෙකි.

Trending

Exit mobile version