Connect with us

පුවත්

ඇල්පිටියේ තරුණිය පැහැරගෙන ගිය ත්‍රිරෝදේ රියැදුරු පොලිසියට බාරවෙයි

Published

on

ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට පෙර ඇයව පැහැරගත් බවට පැවසෙන තිරෝද රථය සහ එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන සිදුකරමින් පැවති අතරතුර සැකකාර තිරෝද රථ රියදුරු කරන්දෙණිය පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ත්‍රිරෝද රථ රියදුරු එහිදී පොලීසිය වෙත පවසා ඇත්තේ තමන් කුලී පදනමට එම ගමන ගිය බවත් පසුව අදාළ පුද්ගලයා සහ තරුණිය නානායක්කාර මාවත ආසන්නයේදී බස්සවා ගිය බවත්ය.

එම තරුණිය තම දෙමව්පියන් සමග තල්ගහවත්ත, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇයගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයා සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බව පොලීසිය පවසයි.

මරණකාරිය සහ සැකකරු දැනට මාස කිහිපයකට පෙර සිට ඇල්පිටිය ප්‍රදේශයේ කුලී නිවසක එකට ජීවත්න ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇත.

දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම තරුණිය නැවත තම මව සිටින නිවසට පැමිණ සිට ඇති අතර පසු දිනක අනියම් සම්බන්ධතාවය පැවැත්වූ පුරුෂයා විසින් බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය 04 වැනිදා කරන්දෙණිය පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එම පැමිණිල්ල විභාගය සඳහා 08 වැනිදා පොලිස් ස්ථානයට යමින් සිටියදී සැකකරු තවත් කිහිපදෙනෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ තල්ගහවත්ත ප්‍රදේශයේදී ඇයව පැහැරගෙන ගොස් ඇති බව පැවසේ.

එම තරුණිය පැහැර ගත් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය විසින් සැකකරනු ලබන අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය හා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved