Connect with us

පුවත්

ඇල්පිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට

Published

on

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද(07) දිනයේ තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, තැපැල් දෙපාර්තමේන්තුව මගින් එම රක්ෂිත පැකට්ටු රජයේ ආයතන වෙත යොමු කරනු ඇති බවය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වැනිදා සිදු කිරීමට නියමිතය.

එදිනට තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වැනිදා සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

එම මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වැනිදා තැපෑලට භාරදීමට නියමිත අතර, ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා ඒවා බෙදාහැරීමට නියමිතව තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

පුවත්

ඊශ්‍රායල වීසා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

By


මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ නැවත ඇතුළත් වීමේ වීසා (Re – entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන මස  31 වැනි දින දක්වා දීර්ඝ කිරීඹට එරට ජනගහන හා සංක්‍රමණික අධිකාරීය තීරණය කර ඇති බවය.

ඒ අනුව ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් Re – entry වීසා මත මෙරටට පැමිණි අයවුල්නට Re – entry වීසා කාලය අවසන් වුවද එළැඹෙන මස 31 වැනි දින දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වී මේ හැකියාව පවතින බවද අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන ද දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

Continue Reading

පුවත්

O/L ප්‍රතිඵල එන්නේ ජුලි අග!

Published

on

By

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා කියයි.

විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

අද තද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

එමෙන්ම යාපනය, මන්නාරම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එහි සඳහන් ව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved