Connect with us

පුවත්

ඇල්ල ඕඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන් අරඹයි

Published

on

ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය අද (02) සිය මංගල ගමන ආරම්භ කරනු ලැබීය.

උඩරට මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය ලක්ව ඇති කොටස ලෙස හඳුනාගෙන ඇති මහනුවර සහ බදුල්ල අතර කොටසේ ස්වභාව සෞන්දර්ය නැරඹීම වෙනුවෙන් විදෙස් සංචාරකයින් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය හඳුන්වා දී තිබේ.

ඒ අනුව මහනුවරින් උදෑසන 9.45ට ගමන් ආරම්භ කරනු ලැබූ මෙම දුම්රිය පස්වරු 5.25ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇත.

දෙමෝදර දුම්රිය ස්ථානයෙන් යළිත් පස්වරු 6.00ට යළිත් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.00ට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ළඟා වීමට නියමිතය.

මෙම දුම්රිය සෑම සති අන්තයකම පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසන 176ක් සහ දෙවැනි පන්තියේ වෙන් කළ  ආසන 176ක් ද පවතින අතර තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන 44ක් පවතී.

මෙම දුම්රිය පේරාදෙණිය, නාවලපිටිය, හැටන්, ග්‍රේට්වෙස්ටන්, නානුඔය‍, පට්ටිපොල, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, බන්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම ආරුක්කු නමය පාලම අසළ විනාඩි 10ක පමණ කාලයක් නවතා තබනු ඇත.

මේ අතර  එළැඹෙන 10 වැනිදා සිට ඇල්ල ඕඩිසි- නානුඔය නව දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයට දහවල් 11.35ට ළඟා වීමට නියමිතය.

දහවල් 1.00ට යළිත් බදුල්ලෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පස්වරු 5.30ට නානුඔය දුම්රිය ස්ථානයට ළඟා වනු ඇත.

මෙම දුම්රිය බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අතර මේ වන විටත් ඇල්ල ඕඩිසී කොළඹ කොටුව දුම්රිය සතියේ දිනවල බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවීමටද පියවර ගෙන ඇත. 

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved