Connect with us

පුවත්

ඇසළ පෙරහර මංගල්‍ය ලබන අගෝස්තු 05 ඇරඹේ

Published

on

මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන අගෝස්තු 05 වනදා සිදුකරන සිව්මහා දේවාලවල කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කරන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.

එතැන් සිට අගෝස්තු මස 05 වනදා සිට 09 වනදා දක්වා පුරා දින 05 ක් සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනු ඇත.

අගෝස්තු මස 10 වනදා පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කරන අතර, අගෝස්තු මස 14 වනදා දක්වා කුඹල් පෙරහර 05 ක් පැවැත්වීමට නියමිතය.

අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කරනු ඇත.

පසුදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බව දියවඩන නිලමේ නිලංග දෑළ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

ගම්පහ දුම්රියක් පීලි පනී

Published

on

By


ගම්පහ දුම්රිය ස්ථානය ආසන්⁣නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ.

ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය එක් මාර්ගයකින් පමණක් ගමන්කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින එන්න එපා – පොලීසියෙන් ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය.

හෙට (24) දින සහ අනිද්දා (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණයහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි.

ඒ නිසා ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

අද (23) පස්වරු 5:30ට සිරි දළදා වන්දනාව 6වන දිනට අවසන් කෙරුණි.

ඒ අනුව අද දිනයේදී සැදැහැවතුන් 82,500 දෙනෙකු සිරි දළදා වන්දනාවට එක්වූ බව සඳහන් ය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනා කමිටුවෙන් නව තීරණයක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළයෑමත් සමග යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

අද (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

අද දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින් යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.

මීට අමතරව සැදැහැවතුන් සඳහා සැපයෙන පහසුකම් සම්බන්ධයෙන් ද සිරි දළදා වන්දනා කමිටුවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved