පුවත්

ඇහැලියගොඩ OIC අභිරහස් ලෙස වෙඩි වැදී මියගිහින්

Published

on

ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් අද (21) අලුයම සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇති බව ද පොලිසිය කියා සිටී.

මෙසේ වෙඩි වැදිමෙන් මියගොස් ඇති ප්‍රියංකර ද සිල්වා යන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

හතළිස් දෙවැනි වියේ පසු වු ඔහු දෙදරු පියකු බව ද පොලිසිය පැවසීය.

වෙඩි වැදී තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයා අලුයම් කාලයේදීම ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර පරික්‍ෂණ පවත්වන බව ද ඇහැළියගොඩ පොලසීය පැවසුවේය.

Trending

Exit mobile version