පුවත්

ඈවර කරන්න ගිය ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට

Published

on



සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.

මෙලෙස එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවරීම සිදුකර ඇත්තේ නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් නිශ්චය කරන ලද අංක 2412/ 08 දරන ගැසට් පත්‍රයට ප්‍රකාරවය.

මීට පෙර ජනාධිපවරයා විසින් අමාත්‍යවරුන් තිදෙනෙක් යටතේ පත් කළ කැබිනට් මණ්ඩලය විෂයන් පැවරීමේදී සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට නියමිත සමාගම යටතේ ලැයිස්තු ගත කිරීමට කටයුතු කර තිබුණි.

ඒ පිළිබඳව අප විසින් කල හෙළිදරව් කිරීම්වලින් පසුව ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් සමාජයේ විශාල ආන්දෝලනයක් මතුවිය.

Trending

Exit mobile version