පුවත්

ඉන්දියාවේ දී මැරුණු රජීව් ඝාතකයාගේ සිරුර ලංකාවට එවයි

Published

on

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර අද (01) දහවල් කටුනායක ගුවන් තොටුපොළ, ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි.

ටී.සුරේන්ද්‍ර රාජා වැරදිකරු වී සිර දඩුවම් විදිමින් සිටි අතර, පසුව පොදු සමාවක් හිමි ඇති අතර, ඉන්පසුව සිය මව බැලීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු සූදානමින් සිටියදී ඔහු දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායි නුවර ” රජීව් ගාන්ධි ” රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.

ඔහුගේ මළ සිරුර අද (01) දින දහවල් 11.35 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මෙම මළ සිරුර භාර ගැනීම සදහා ඥාතීන් කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටින අතර, මෙම සිරුර නිදහස් කිරීම සදහා අත්‍යාවශ්‍ය ලියකියවිලි කීපයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අවශ්‍ය වී තිබේ.

එම ලියකියවිලි ලැබෙන තෙක් මෙම මළසිරුර අද පස්වරු 03.30 වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තබා තිබෙන අතර ජායාරූප ගැනීම සදහා මාධ්‍යවේදීන් හට අවස්ථාවක් ලබා දී නොතිබුණි.

Trending

Exit mobile version