පුවත්

”ඉටුකම අරමුදල”ට ජනාධිපති අරමුදලට යන්න තටු ලැබෙයි!

Published

on


කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පිහිටුවූ ‘කොවිඩි 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදල” හෙවත් ”ඉටුකම අරමුදල” ඉතිරිවූ රුපියල් මිලියන දෙසිය නවයකට (209) වැඩි මුදල ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා ව

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා එම අරමුදලට රුපියල් මිලියන දෙදහස් දෙසිය හතක මුදලක් ලැබී ඇති අතර ඔක්තෝබර් 18 වැනිදා සිට එම අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

එම අරමුදලට ලැබුණු පරිත්‍යාග මුදල්වලින් පී සී ආර් පරීක්ෂණ, නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තු, එන්නත් කරන වැඩසටහන්, දැඩි සත්කාර ඇඳන් මිලදී ගැනීම, දැනුවත් කිරීම් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිඟ බිල්පත් පියවීමට රුපියල් මිලියන එක්දහස් නවසිය අනූ හතක මුදලක් වැය කර ඇත.

Trending

Exit mobile version