පුවත්

ඉඩම් කොමිසමට නව පනතක්

Published

on

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ  09 වන උපලේඛනයේ 1 ලැයිස්තුවේ II පරිශ්ඨය අනුව ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බවට වන විධිවිධාන පනවනු ලැබ ඇත.

ඒ අනුව එකී කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version