Connect with us

පුවත්

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පසුගිය වසරේ

Published

on

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඇ.ඩො.බිලියන13.1ක මුදලක් පසුගිය වසරේදී (2022) ලබාගත හැකිවූ බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව, අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

මෝටර් රථ සහ ත්‍රීරෝද රථ එකලස් කිරීමේ කර්මාන්ත කරුවන් 22 ක් මේවන විට මෙරට තුළ කටයුතු කරන බවත් ආනයනය සීමා කිරීම හරහා ‍මෙරට කර්මාන්තවල විශාල ප්‍රගමනයක් දැකිය හැකි බවත් ඒ මහතා සඳහන් කලේය.

තවද මැණික් හා ස්වර්ණාභරණ, මැටි, කජු, වේවැල්, උණබට යනාදී විවිධ කර්මාන්ත ආශ්‍රිතව පවතින ගැටලු රැසක් මෙහිදී  මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවේ අවධානයට යොමුකරන ලද අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම හඳුනාගත් ක්ෂේත්‍ර 20 ක් ඔස්සේ කර්මාන්ත සංවර්ධන කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
.

පුවත්

පාර්ලිමේන්තුවේ ඉන්න බැරිවුනේ රිය අනතුරක් වුන නිසා – අජිත් 

Published

on

By

 ඊශ්‍රායල හා ඉරානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාගර්භයේ නොසිටීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ෆේස්බුක් සජීවී වීඩියෝවක් එක්කරමින් පෙරේරා මහතා පසුව පවසා තිබුණේ පාර්ලිමේන්තුවට පැමිණෙන අතරතුරේදී තමා ගේ වාහනය රිය අනතුරකට ලක්වීම හේතුවෙන් තමාට පාර්ලිමේන්තුවට පැමිණීමට විනාඩි 04ක පමණ ප්‍රමාදයක් සිදුවූ බවයි.

රිය අනතුරෙන් තමාට හෝ වෙනත් කිසිවෙකුට තුවාල නොවූ බවද ඔහු මෙහිදී පවසා තිබුණි.

මේ හේතුවෙන් ඉහත යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත් :

Continue Reading

ක්‍රීඩා

වැස්සෙන් පසු බංග්ලාදේශය අසරණ වෙයි

Published

on

By


ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට අද (18) තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ දෙවන දිනට අද (18) තරගය ආරම්භ කරන විට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක සිටියත්, මුලු ලකුණු 309ක් වනවිට ලකුණු 148ක් රැස්කරගෙන සිටි ශාන්ටෝ දැවී ගියයේය.

කෙසේ වෙතත් එම දවාගැනීමේ වාසි අත්කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

4වන කඩුල්ලට පිටියේ එක් වූ ලිටන් දාස්, ඒ වනවිට ලකුණු 110ක් රැස්කරගෙන සිට මුෂ්ෆිකර් රහීම් සමගින් එකව අගාන ලකුණු සබඳතාවක් ගොඩනැගූහ.

ඔවුන් දෙදෙනාට බංග්ලාදේශ ඉනිම මුලු ලකුණු 423ක් දක්වා ඉදිරියට රැගෙන යාමට හැකිවූහ.

කෙසේ වෙතත් රහීම් – දාස් 5වන කඩුල්ලට ලකුණු ලකුණු 114ක් සබඳතාවක් පවත්වාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ හේතුවෙන් තරගය බොහෝ වේලාවක් ප්‍රමාද වූ අතර, නැවත තරගය ආරම්භවීමේදී පෙර රිද්මයෙන් ඉනිම ගොඩනැගීමට රහීම් – දාස්ට නොහැකි විය.

වැස්සෙන් පසු බංග්ලාදේශ ඉනිමට ලකුණු 35ක් එක් වද්දී ලකුණු 163ක් රහීම් දාවී ගිය අතර, ඉන් ලකුණු 26ක් එකතුවද්දී තවත් කඩුලු 4ක් දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

මෙහිදී ලිටන් දාස්ගේ ඉනිම ලකුණු 90කට සීමා විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු (3/80), මිලාන් රත්නායක (3/38) හා තරිඳු රත්නායක (3/196) කඩුලු 3 බැගින් දවාගත්තේය.

Continue Reading

පුවත්

ඉරාන උත්තරීතර නායක කමෙනිගෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර

Published

on

By


ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ‘තම රට කිසිවිටකත් යටත් නොවන බව’ පවසා තිබේ.

එරට රූපවාහිනී නාලිකාවක් හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලට එරෙහිව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදුකළ හොත් එය ඔවුන්ට ද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වෙයි කියලා අමෙරිකානුවන් දැනගත යුතු බවයි.

“ඉරානය, එහි ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසිවිටකත් තම රාජ්‍යයට තර්ජන කරන්න පෙළඹෙන්නේ නෑ. ඉරාන ජාතිය කාටත් යටත් වෙන්නේ නෑ.

ඒ නිසා අමෙරිකාව දැනගත යුතුයි ඔවුන්ගේ ඕනෑම යුදමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවෙන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරගැනීමක් පමණයි” අලි කමේනි අනතුරු අඟවා තිබේ.

ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය පිළිබඳව අමෙරිකානු ජනධිපති පවසා සිටියේ, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට මේ වනවිට කටයුතු නොකරන බවයි.

එසේම ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත්විය යුතු බවත් එහිදී ඔහු පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved