පුවත්

ඉදිරි කිරිපිටි හිඟයේ වගකිවයුතු තැන දමයන්තිද?

Published

on

ඉදිරියේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව පියෝඩේල් කිරි සමාගමේ සභාපති ලක්ෂ්මන් වීරසූරිය මහතා කියයි.

ඒ ආනයන පාලක ජනරාල්වරිය වන දමයන්ති එස් කරුණාරත්න මහත්මිය විසින් කිසිදු තීන්දුවක් නොගෙන දින 25ක් මුළුල්ලේ කොළඹ වරාය තුළ බහාලුම් 15ක් රඳවා තබාගෙන තිබීම නිසා යැයි ඔහු කියා සිටී.

“අපිට පිට රටින් කිරිපිටි සපයපු ආයතන කියනවා මේ කිරි ටික නැවත නැව්ගත කරන්න වියට්නාමයට සහ ඉන්දුනීසියාවට. එතකොට මොකද වෙන්නේ රටට කිරි හිඟයක් ඇති වෙනවා. demurrage ලක්ෂ 40කට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා,” යනුවෙන් ඔහු කියා සිටී.

පාරිභෝගිකයින්ට ගෙවීමට සිදු වන මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුව නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාව බවට ද ඔහු බරපතල චෝදනාවක් එල්ලකර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

“කිරිපිටි ගෙන්නන්න නැවක් එන්න දවස් 37ක් දවස් 42ක් අතර කාලයක් යනවා. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ආවහම චක්‍රලේඛ තුන හතරක් එනවා. නැවට බඩු දාන්න ඉස්සේල්ලා එක නීතියක්, නැවෙන් බඩු මග එන කොට තව නීතියක්, නැව ලංකාවට ඇවිල්ලා වරායට එන කොට තව නීතියක්.”

Trending

Exit mobile version