ඉදිරි මාස දෙක තුළ මෙරට සිටිනා සුනඛයන් සංගණනය කිරීමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය මත මෙම සංගණනය සිදුකරන බවත් ඊට අදාළ මූලික ව්‍යාපෘති යෝජනාව සකසා අවසන් කර තිබේ.මෙරට සිටින්නෙ ලක්ෂ තිහක පමණ සුනඛ ගහණයක් බවත් ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් සිටින්නෙ නිවෙස් තුළ ඇතිකරන සුනඛයන් ලෙස බව ජලභීතිකා මර්දන ඒකකය පවසයි.
මේ වනවිට මෙරට සිටින සුනඛයන් එන්නත්කරණය සහ වන්ද්‍යාකරනය අඛණ්ඩව සිදුකරනු ලබයි.
මෙරට නීතියට අනුව සුනඛයන් මරණයට පත් කිරීම තහනම් වන අතර සුනඛයන් එන්නත් කිරීමෙන් සහ වන්ද්‍යකරණය කිරීමෙන් සුනඛ ගහනය පාලනය කළ නොහැකි බව ජලභීතිකා මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
දඩාවතේ යන සුනඛයින්ට මහාමාර්ගවල කෑම බීම දීම අඩු කිරීමෙන් යම් තරමක පාලනයක් සිදු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.