පුවත්

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

Published

on

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද (20) උදෑසන දිවයිනට පැමිණියේය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – තාරක බාලසූරිය මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ඔහුව ගුවන්තොටුපලේදී උණුසුම් ලෙස පිළිගෙන තිබුණි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වේ.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදැකීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව  තිබේ.

Trending

Exit mobile version