Connect with us

පුවත්

ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවෙකුට අතුගා දමන්න බෑ – ජනපති

Published

on

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අපටම ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවෙකුට විනාශ කළ නොහැකි අතරම එය කිසිවෙකුටත් අතුගා දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ගාල්ල ජෙට් වින් හෝටලයේ අද (12) පැවති “ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ” අමතමිනි.

“ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල” කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ  රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව අද සහ හෙට (13) පැවැත්වෙයි.

දශක  තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු  “ගාලු කතිකාව  ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය.

කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන  නාවික, පාරිසරික, සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම ජාත්‍යන්තර සමුළුව 2020 වසරේ සිට වසර දෙකකට වරක් පැවැත්වීමට සැලසුම්කර තිබුණත් පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එය පැවැත්වීමට නොහැකි විය.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසුව පවත්වනු ලබන පළමු සමුළුව ද මෙය වේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ,ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක ලේකම්  විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ,හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කොත්මලේ බස් අනතුරින් දිවි අහිමිවූවන්ට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත

Published

on

By

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.

Continue Reading

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved