Connect with us

පුවත්

ඉන්දියානු වාහන නිෂ්පාදක සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

Published

on

ඉන්දියානු වාහන නිෂ්පාදකයන්ගේ සංගමයේ දහ අට සාමාජික නියෝජිත පිරිසක් 2025 මාර්තු 17 සහ 18 දෙදින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. වාණිජ වාහන, මගී වාහන, යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු සියලු වාහනවල ප්‍රමුඛ පෙළේ නිෂ්පාදක සමාගම්වල නියෝජිතයන් මේ පිරිසට අයත් විය.

සංචාරය අතරතුර නියෝජිත පිරිස කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හමු විය.

මෙයට අමතරව එම පිරිස මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සාමාජිකයන් ද හමු විය.

නියෝජිත පිරිස නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා හමු වී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය වාහන සමාගම්වල මෙහෙයුම් පිළිබඳව එතුමා දැනුවත් කළේය.

මෙම සංචාරය වාහන ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සහ සංවර්ධනය ඉහළ නංවමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved