කොළඹ, ඉන්දියානු වීසා මධ්‍යස්ථානය වීසා සහ අනෙකුත් සේවාවන් වෙනුවෙන් අද (20) සිට සාමාන්‍ය පරිදි නැවතත් විවෘත වන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙයි.
පසුගිය 14 දා සිදුවූ ආරක්ෂාවට අදාළ සිදුවීමක් හේතුවෙන් කොළඹ, IVS Pvt Ltd වීසා අයැදුම් මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තෙක් වසා තැබෙනු බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය මීට පෙර නිවේදනය කර තිබුණි.
සබැඳි පුවත් :
වීසා අයැදුම් මධ්‍යස්ථානය වසා ඇතැයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය කියයි