පුවත්

ඉන්දියාවෙන් ගුවන් භටයන් 40ක් සමඟ MI 17 හෙළිකොප්ටර් 4ක් ලංකාවට එයි

Published

on

දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අද (04) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමෙන් පසු හෙට (05) උදෑසන නිදහස් චතුරස්‍රයේදී ඔහු පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දියානු අගමැතිවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වේ.

මේ අතර ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය සඳහා භාවිත කිරීමට එම්.අයි. 17 වර්ගයේ ගුවන්යානා 4ක් මෙරටට එවා ඇති අතර ඉන්දීය ගුවන් භටයන් 40ක්ද පැමිණ තිබේ.

සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ අගමැති නරේන්ද්‍ර මෝදි ඔහුගේ X ගිණුමේ සටහනක් තබමින් “මගේ ශ්‍රී ලංකා සංචාරය 4 සිට 6 වන දින දක්වා සිදු කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසු මේ සංචාරය සිදු වන්නේය. අපි ඉන්දියා – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ බහුවිධ පැතිකඩ පිළිබඳ සමාලෝචනය කරමින්, සහයෝගීතාවයේ නව අවස්ථා ගැන සාකච්ඡා කිරීමෙට සැලසුම් කර සිටිමු. ඒ සඳහා විවිධ හමුවීම් කිහිපයකට සහභාගී වීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් සඳහන් කර තිබේ.

Trending

Exit mobile version