පුවත්

ඉන්දියාවෙන් මෙරටට ගෙනා කේරළ ගංජා තොගයක් සොයා ගනී

Published

on

යාපනය, නැගෙනහිර කලපු වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත, පොලිස් විශේෂ කාර්ය බළකා යාපනය කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී එම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83යි ග්‍රෑම් 336ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

ඉන්දියාවේ සිට රහසිගත ලෙස ගෙන්වා සඟවා තිබූ කේරළ ගංජා තොගයක් මෙලෙස සොයාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Trending

Exit mobile version