ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව විසින් නව මහකොමසාරිස්වරයෙකු පත්කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ඒ අනුව මේ වන විට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස කටයුතු ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත් කරනු ඇත.
තවද මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස ගෝපාල් බග්ලේ මහතා කටයුතු කරනු ලබයි.
එමෙන්ම ශ්‍රී සන්තෝෂ් ජා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ලබයි.