පුවත්

ඉන්දියාවෙන් සුරක්ෂා වෙත ඩොලර් මිලියන 1.2ක අමතර කොටස්

Published

on

ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ ගැඹුරු මුහුද මුර සංචාර නෞකාවක් වන සැෂේ නෞකාව දින දෙකක සංචාරයක් සඳහා 2024 ජූනි 19 වන දින කොළඹට පැමිණියේය. 

කොළඹට පැමිණීමෙන් අනතුරුව මෙම නෞකාවේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පරීක්ෂක ජෙනරාල් ආර්. රාජේෂ් නම්බිරාජ් මහතා බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ටී. එස්. කේ. පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන මහතා හමු විය. 

ඉන්දියානු වෙරළාරක්ෂක බලකා නෞකාව විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලාකායේ සුරක්ෂා නෞකාව සඳහා අමතර කොටස් භාර දෙන ලදී. මෙම භාර දීමේ උත්සවය සඳහා ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, බටහිර නාවික ප්‍රදේශය  භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ටී. එස්. කේ. පෙරේරා, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ. මෙම නෞකාව 2024 ජූනි 21 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් විය.

SLCGS සුරක්ෂා නෞකාව 2017 ඔක්තෝබර් මාසයේදී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ගැඹුරු මුහුද මුර සංචාර නෞකාවකි. ඉන්දියාව 2021 ජූනි මාසයේදී සහ 2022 අප්‍රේල් මාසයේදී ද නෞකාව සඳහා අමතර කොටස් පරිත්‍යාග කරන ලද අතර 2024 ජනවාරි මාසයේදී හේලොන් සිලින්ඩර පිරවීම සඳහා ද සහය ලබා දුන්නේය. අමතර කොටස් විශාල තොගයක් භාර දීම කලාපයේ පොදු සමුද්‍රීය ආරක්ෂක අභියෝගයන් ජය ගැනීම සඳහා ධාරිතා ගොඩනැගීමට සහය වීමට ඉන්දියාවේ කැපවීම සංකේතවත් කරයි. 
ඉන්දියානු වෙරළාරක්ෂක බලකා නෞකාවන් වන සමර්ථ් සහ අභිනව් නෞකාවන් 2024 පෙබරවාරි 27 – මාර්තු 05 දක්වා ගාල්ල සහ කොළඹ වරායේ සංචාරයක නිරත විය. ඉන්දියානු නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නෞකාවන්ගේ ශ්‍රී ලංකා සංචාරයන්ගේ අරමුණ වන්නේ ඉන්දියාවේ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම සහ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන දැක්ම අනුව දෙරටේ නාවික හමුදාවන් සහ වෙරළාරක්ෂක බලකායන් අතර සහෝදරත්වය සහ කාර්ය සහයෝගීතාවය ශක්තිමත් කිරීමයි. 

Trending

Exit mobile version