පුවත්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකා ආදි සිසු හමුවක්

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පනස් වසරක සබඳතාවය සැමරීම සඳහා සංවිධානය කළ උත්සවයක් 2022 නොවැම්බර් 24දා කොළඹදී පැවැත්විණ.

මෙම විශේෂ උත්සවයේ දී ඉන්දීය සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගීතාවය, සහෝදරත්වය සහ මිත්‍රත්වය සමරන ලදී. ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ආදි සිසුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් හි වෙනත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වෙබ් පිටුව මෙහිදී විවෘත කළ අතර එහි අරමුණ වන්නේ දෙරට සහ මෙම ප්‍රමුඛ ආරක්ෂක ආයතනය අතර වඩා සමීප අන්තර්ක්‍රියාවන් සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීමයි. මෙම වෙබ් පිටුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල වෙබ් අඩවිය වන www.hcicolombo.gov.in/ndca හි ඇතුළත් වන අතර එය ශ්‍රී ලංකාවේ ආදි සිසුන්ට තමන් පුහුණුව ලැබූ ආරක්ෂක විද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ද සමීප අසල්වාසි රාජ්‍යයන් දෙක අතර ආරක්ෂක සහයෝගීතාවයේ නවතම තොරතුරු දැන ගැනීමට ද ඉවහල් වනු ඇත.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දියාව සිය “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ ධාරිතා සංවර්ධනය සඳහා කැපවී සිටින බව අවධාරණය කළේය.

සන්නද්ධ හමුදාවන් අතර පුහුණු වීමි, හමුදා සාමාජිකයන් අතර සහෝදරත්වය සහ කාර්ය සහයෝගීතාවය වර්ධනය කිරීමට උපකාර වන බව ද ඔවුන් අතර දිගු කාලීන බැඳීම් සඳහා පදනමක් නිර්මාණය කරන බව ද එතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයීය ආදි සිසුන් රැසක් ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළම නායකත්ව ධූරයන්ට පත්ව ඇති අතර එය මෙම ශක්තිමත් සබඳතා පෝෂණය කිරීමේ වැදගත්කම මනාවට පෙන්වා දේ.

ශ්‍රී ලංකා හමුදාවන්ගේ ධාරිතා ගොඩනැගීම සඳහා ඉන්දියාවේ නොසැලෙන කැපවීමේ සහ කලාපීය සහයෝගීතාවය පිළිබඳ දක්වන අවධානයේ කොටසක් ලෙස ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා වටිනා දායකත්වයක් ලබා දී ඇති අතර එවන් ආයතන දෙරට අතර සුහද සහ සමීප සබඳතා ඉහළ නැංවීමට ඵලදායි කාර්යභාරයක් ඉටු කරයි.

Trending

Exit mobile version