පුවත්

ඉන්දියාවේ බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය යළි ගමන් අරඹයි

Published

on

ඉන්දියාවේ ඉන්දීය දුම්රිය කේටරිං සහ සංචාරක සංස්ථාවේ (IRCTC) බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය කොවිඩ්-19 වසංගතයෙන් පසු පළමු වතාවට ආරම්භ වී තිබේ.

මාර්තු 11දා නවදිල්ලි නුවරින් ඇරඹුනු මෙම දුම්රිය දින 08ක් හා රාත්‍රී 07ක් පුරා ගමන් කරමින් මෙම ගමන හෙට (18) දිනයේදී නිමා කිරීමට නියමිතය.

මෙම චාරිකාව අතරතුරදී ඉන්දියාවේ හා නේපාලයේ පිහිටි බෞද්ධ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන 09කට ගමන් කළ හැකි වේ.

වායුසමීකරණය කළ පළමු පංතියේ මගීන් 96කටද, වායුසමීකරණය කළ පළමු පංතියේ මගීන් 60කටද, මෙම දුම්රියේ ගමන් කළ හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.නවදිල්ලියෙන් පිටත් වන මෙම දුම්රියෙන් චාරිකාවේදී බෝද්ගයා, නාලන්දා, වාරානාසි, කුෂිනගර්, නේපාලයේ ලුම්බිණි, ශ්‍රාවස්ති හා ආග්‍රා යන ස්ථාන වලට ගමන් කළ හැකිවේ.

Trending

Exit mobile version