පුවත්

ඉන්දියාවේ මනිපූර්හි ගෝත්‍රික ගැටුම්වලින් 54ක් ජීවිතක්ෂයට

Published

on

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවුවද, ඉන්දීය ආරක්ෂක අංශ එය මෙතෙක්  තහවුරු කර නොමැත.

ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.

මේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 13,000ක්  පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවද පැවසේ.

පසුගිය බදාදා එම ප්‍රාන්තයේ ජීවත් වන එක් ගෝත්‍රික කණ්ඩායමක් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් ප්‍රචණ්ඩකාරී වීමත් සමග තවත් ගෝත්‍රික කණ්ඩායමක් අතර මෙම ගැටුම් ආරම්භ විය.

ගැටුම් හමුවේ විරෝධතාකරුවන් නිවාස 500 ක් පමණ ගිනිතබා විනාශ කර ඇත.

තත්ත්වය පාලනය කිරීමට යොදවා ඇති පොලිස් සහ හමුදා කණ්ඩායම් සංඛ්‍යාව 30 කි.

මනිපූර් ප්‍රාන්තයේ අන්තර්ජාල සබඳතා අවහිර කර ඇති බැවින් ගැටුම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට බාධා එල්ල වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version