පුවත්

ඉන්දියාව ණය සහන දෙන්න එකඟ වීම ගැන සතුටුයි – ඇමෙරිකාව

Published

on

පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා දැඩි සහයෝගයක් ලබා දෙන බවත් ඉන්දියාව තහවුරු කිරීම පිළිබඳ අසන්නට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් මහහත්මිය පවසා ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සියලුම ණය හිමියන් එක හා සමාන සාධාරණ විසඳුමක් ලබාදීමට එකඟ වූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය වීමට ඇමෙරිකාව සුදානමින් සිටින බවයි.

Trending

Exit mobile version