ඉන්දියාව ලංකාවට ණය ගෙවන්න තවත් වසරක කාලයක් දෙයි!
ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනයේ කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟවී ඇතැයි මෙරට නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවිඳි සමයේදී ලබාදුන් ඩොලර් බිලියන 4ක ණය සහනයෙන් කොටසක් වූ එම මුදල පසුගිය මාර්තු මාසය වනවිට ගෙවීමට නියමිතව තිබිණි.
අනතුරුව පැවැති සාකච්ඡාවලින් පසු එම ණය සහනය 2024 මාර්තු දක්වා දීර්ඝ කරගැනීමට හැකිවූ බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පවසා තිබේ.
“ඩොලර් බිලියනයක් වූ ණය සහනයෙන් තවත් ඩොලර් මිලියන 350ක් ඉතිරිව තිබෙනවා. අපට ඒ මුදල් අවශ්‍ය විදියට පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා.”
ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් බිලියනයක් වූ එම ණය සහනය ප්‍රධාන වශයෙන් භාවිත කරන ලද්දේ ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහාය.