පුවත්

“ඉන්දීය ආරක්‍ෂක හමුදාවන්ගෙන් වසරකට ලංකාවට පුහුණු අවස්ථා 1,500ක්”

Published

on

ඉන්දීය ආරක්‍ෂක හමුදාවන් විසින් ශ්‍රී ලංකාවට සෑම වසරකම පුහුණු අවස්ථා 1500ක් පමණ පිරිනමන බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් – විනෝද් කේ. ජේකබ් මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ මේ වන විට කොළඹ නැංගුරම් ලා ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් සුකන්‍යා නෞකාවේදී ඊයේ (පෙබරවාරි 28) පැවති උත්සවයකදී, නාවික හමුදාවේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් අමතමිනි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ ශක්තිමත්ම සහ කල්පවත්නා බලකණුව ‘පුහුණුව’ බව ඔහු මෙහිදී පැවසීය.

Trending

Exit mobile version