Connect with us

පුවත්

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

Published

on

කොළඹ කොටුව, ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.

ඊයේ (05) රාත්‍රියේ පිහියකින් ඇන එම ඝාතනය සිදුකර තිබුණි.

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ අජේ කුමාර්  නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වෙයි.

(අද දෙරණ)

පුවත්

“ජනාධිපතිතුමනි එක පෑන් පහරින් මේක ඉවර කරන්න. අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ.” (වීඩියෝ)

Published

on

By

විදේශ රැකියා කාර්යාංශයේ කෝටි ගණන් මුදල් වංචා කරන බවට සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එහි කැඳවුම්කරු  සංජය මහවත්ත මහතා ප්‍රකාශ කලේ ‘රනිල්ගේ ගෝලයෝ .. මනුෂගේ ගෝලයෝ.. විදේශ රැකියා කාර්ය අංශයේ කෝටි ගණන් මුදල් වංචා කල බවය.

එමෙන්ම සිදු වූ කෝටි ගණනක මූල්‍ය වංචා කෝප් කමිටු විසින් අල්ලස් දූෂණ විමර්ශන ඒකකටයත් යවා ඇති අතර  මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් රැසක්ම තවමත් සේවයේ සිටින බවත් ඔවුන් චෝදනා කරයි.

වර්තමාන ආණ්ඩුව මෙම හොරු ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සිවිල් බුද්ධි පෙරමුණ මාධ්‍ය හමුවේ  පෙන්වා දෙයි.

එහි කැදවුම්කරු සංජය මහවත්ත මහතා,

“ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඉදිරිපිට අපි විරෝධතා දැක්වූවා.. විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල්,තරුණ සහෝදරවරුන්ගේ මුදල් මංකොල්ල කාලා තියෙනවා.

කෝටි දෙසියකට වැඩිය වංචාවක් මේ සිදු කරල තියෙන බව කෝප් කමිටු වාර්තාවල තියෙනවා. පහුගිය ආණ්ඩුවේ හෙන් චයියෝ  ටික ඉවත් කරන්න.

රටේ ඒජන්සිකාරයන්ටත් රිදිලා තියෙනවා.
ජනාධිපතිතුමන්ට අපි කියනවා, ජනාධිපති තුමණි ඔබතුමාගේ පෑන් පහර එළියට දාන්න. පෑන් පහර ගහන්න විදේශ සේවා එකට. එහෙම නැත්තන් ඔබතුමාගේ ආණ්ඩුවට මිනීපෙට්ටියට පළමු ඇණය ගහන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න සභාපතිවරයා.

මේතරම් මංකොල්ලා කාලා තියෙද්දි, මේ තරම් හොරකම් කරලා තියෙද්දි. මේ හොරු පන්නන්න ආපු ආණ්ඩුවට මේ මහ හොරුන්ව පන්නගන්න බැරිනම් මොකක්ද තියෙන කතාව?

අපි මාතර කට්ටඬියෝ බුක් කරලා තියෙන්නේ.. අපි දුම්මල ගහලා පන්නනවා.. අපි සිවිල් සංවිධාන දුම්මල වරම අතට ගන්නවා..

කොරියා යන තරුණයන්ගේ 50000 ක ගානේ ගහලා තියෙනවා.

කට්ටඩියෝ ටික දුම්මලත් අරගෙන මාතරින් එනවා..”

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා (11) පෙරවරු 8. 30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීමේ හා වැඩි දියුණු කිරීමේ කාර්ය හේතුවෙනි.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කරි.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභොගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටියි.

ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Continue Reading

පුවත්

ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා අද ලන්ඩනයේ දී

Published

on

By

ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය.

ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09) ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවය.

එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේ.

දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්ඡා සඳහා එකවනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved