ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවේ ගුජරාට්හි පිහිටි Savorite Pharmaceuticals සමාගමෙන් ලංකාවට ආනයනය කරණ ඖෂධ වර්ග 36න් කිසිදු ඖෂධයක් මෙරට ලියාපදිංචි ඖෂධ නොවන බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියයි.
එසේම එම ණය යටතේ මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් සියයට අසූවක් (80%) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ බවද හෙතෙම කියා සිටී.
මේ වනවිට රෝගීන්ට අවශ්‍ය නොවන ඖෂධද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇතැයි ද පැවසේ.
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ලැයිස්තුවෙන් ඉවත්කර ඇති ඖෂධ වර්ගද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ හෙළිකර තිබේ.
මෙය බරපතළ තත්ත්වයක් වන අතර මෙරටට ගෙන්වනු ලබන ඖෂධ ලැයිස්තුවෙ ඇති ඖෂධ අතර රෝගීන්ට අත්‍යවශ්‍ය නොවන කැස්සට ලබාදෙන ඖෂධ වැනි ඖෂධ මෙන්ම ෂැම්පු වර්ගද ඇති බව හෙළිව තිබේ.
එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් කමිටුව අනුමැතිය සඳහා දී ඇති ඖෂධ ලැයිස්තුවක ඖෂධ වර්ග දෙසිය හැත්තෑවක් පමණ මෙරට ලියාපදිංචි කර නොමැති බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටී.
විවිධ අවස්ථාවලදි අනවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධව සාකච්ජා වට පැවැත්වුවද එම සාකච්ජා අසාර්ථකවී ඇත.
මූලාශ්‍රය – අරුණ