පුවත්

ඉන්දීය දූත පිරිස හා කංචන හමුවේ

Published

on

මෙරටට පැමිණි ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් මහතා ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සමග මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිලිබදව අද (24) බලශක්ති අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධන කිරීම , තෙල් හා ගෑස් ගවේෂණය , පුනර්ජනනීය බලශක්තිය , ද්‍රව ස්වභාවික වායුවල යටිතල පහසුකම් සංවර්ධන සහ සැපයුම හා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලිප් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණු බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජෙකබ් , ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ විශේෂ කාර්ය භාර නිලධාරිනී ඊෂා ශ්‍රීවාස්තවා, IOC සමාගමේ සභාපති එස්.එම්. වෛද්‍ය, ඉන්දියා ලිමිටඩ් ඉන්ජිනියර්ස් සමාගමේ සභාපති වර්තිකා ශුක්ලා, Petronet LNG Limited කළමනාකාර අධ්‍යක්ෂ, ඒ.කේ. සිං, ONGC Videsh Limited හි කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ෂි ගුප්තා, ඉන්දියානු ඛනිජතෙල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අමිත් ග්‍රේග් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වී ඇත.

Trending

Exit mobile version