පුවත්

ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට

Published

on

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, යාපනය චුන්ඩිකුලම් මුහුදේදී ය.

නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් පැමිණි යාත්‍රාවක් ද, සිය භාරයට ගත් බවය.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් ගණන 515 කි.

නාවික හමුදාව පැවසුවේ, යාත්‍රා 67ක් ද සිය භාරයට ගෙන ඇති බවය.

Trending

Exit mobile version