වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 196 දෙනෙකු හා යාත්‍රා 29ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, නාවික හමුදාව නිවේදනය කර තිබේ.
ඒ අතරින් ධීවරයින් 22 දෙනෙකු පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පැමිණි යාත්‍රා 2 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.