පුවත්

ඉන්දීය ධීවරයින් 24දෙනෙකු සමග යාත්‍රා 5ක් උතුරු මුහුදු සීමාවේදී අත්අඩංගුවට

Published

on

මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු (24) උතුරු මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ යාපනය, කරෙයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ දිවයිනේ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බළකාය එක්ව ඊයේ (28) දිනයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ (5) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිහතර දෙනා (24) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

2022 වසරේ මේ දක්වා සිදුකරන ලද මෙහෙයුම්වලදී ඉන්දීය ධීවර යාත්‍රා 35ක් සහ ඉන්දීය ධීවරයින් 252ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා බලධාරීන් වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

ඡායා – navy.lk

Trending

Exit mobile version