ලංකා මුහුදේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයන් සිවුදෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ පුදුක්කෝට්ටෙයි හිදී නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කේ.පාර්තිබන් (32), කේ.සාරති (23), කේ.මුරලි (42) සහ එන්.රාමදෝස් (52) යන ධීවරයින්ය.
ඔවුන්ගේ බෝට්ටුවද සමඟ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු ධීවර සංගමය පවසයි.