පුවත් ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් ලංකා මුහුදේ (ඡායා) Published 2 years ago on June 19, 2023 By editor ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. එම සබ්මැරීනය, දිගින් මීටර 67.5 ක් සහ නැව් මුළුව 60 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර් එස් කටයුතු කරයි. මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිත අතර එම සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගීවීමට ද නියමිතය. මෙම නිල සංචාරය නිමා කරමින් සබ්මැරීනය 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!