Connect with us

පුවත්

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

Published

on

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරු අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයෙන් ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවැනි අදියර නිවසක් ඉදිරිකිරීමේ පිරිවැය තුන් ගුණයකින් ඉහළ දැමීමට හැකිවී තිබේ.

මධ්‍යම, ඌව සහ දකුණේ දිස්ත්‍රික්ක 7ක් පුරා පැතිරී ඇති ශ්‍රී ලංකාවේ වතුකරයේ ඉන්දීය රජය ආධාර හරහා නිවාස 4,000ක් ඉදිකරමින් පවතින අතර මෙම තීරණයත් සමඟ එම නිවාස කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇත.

පළමු සහ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නිවාස 46,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකළ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වතුකරයේ නිවාස 10,000 ක් ඉදිකිරීමේ මීළඟ අදියර ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.

වතුකරයේ පදිංචිව සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරෙන වැදගත් සන්ධිස්ථානයක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර මෙය අධ්‍යාපනය, සෞඛ්‍යය, වෘත්තීය පුහුණුව සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා මහජන කේන්ද්‍රීය ප්‍රදාන යෝජනා ක්‍රම කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ.

මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවා වසර 100 ක් සම්පූර්ණ වීමට ද මෙම ව්‍යාපෘති හරහා සැමරේ.

(ලංකාදීප)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved