පුවත්

ඉන්දීය බිත්තර මිලියන 2ක් ලංකාවට!

Published

on

පළමු තොගය ලෙස බිත්තර මිලියන දෙකක් ලබන සතියේදී ඉන්දියාවෙන් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය කියයි.

පළමු තොගය ලෙස බිත්තර මිලියන දෙකක් ලබන සතියේදී ඉන්දියාවෙන් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය කියයි.

ඊට අදාළ මාර්ගෝපදේශ රජයේ පශු සම්පත් අංශ විසින් ලබාදී තිබෙන බව ඇය කියා සිටී.

මේ අතර, බේකරි කර්මාන්තය සඳහා බිත්තර හිඟයක් පවතින බවත් බිත්තරයක මිල රුපියල් 48 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

මෙම හිඟය නිසා ලබන සතිය වන විටදී බිත්තර ආනයනය කිරීමට නියමිත බවද සභාපතිවරයා කීවේය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක කියා සිටියේ දිනක බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 55 ක් වුවත් නිෂ්පාදනය කෙරෙන්නේ බිත්තර ලක්ෂ 50 ක් බවය.

කෙසේවුවද, බිත්තර නිෂ්පාදනය සතිපතා වැඩිවන බවත් කුකුළු ගොවිපොළවලින් බේකරි හිමියන්ට බිත්තරයක් රුපියල් 42 කට හෝ 43 කට නිකුත් කෙරෙන බවත් පැවැසූ ඔහු බිත්තරය ග්‍රෑම් 60 කට වඩා වැඩි වන්නේ නම් මිලෙහි යම් වෙනසක් සිදුවන බවද කීවේය. 

Trending

Exit mobile version