Connect with us

පුවත්

ඉන්දීය මහ කොමසාරිස් මහ නා හිමිවරුන් මුණ ගැසෙයි

Published

on

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්න්වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමින්වහන්සේ බැහැදුටුවේය.

එම අවස්ථාවේදී මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පැරණි සබඳතාව ඉස්මතු කළ අතර විශේෂයෙන්ම විවිධ අර්බුදවලදී ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දීය රජය අගය කළහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා ශක්තිමත් සබඳතාවයකට මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය පිළිබඳව මහ කොමසාරිස්වරයා ස්තුතිය පුද කළේය.

නවදිල්ලි නුවරදී පැවති ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ දායකත්වය අගය කළ මහනාහිමිවරු මෝදි ජනාධිපතිවරයා බුදුදහමට ඇති සමීපත්වය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පැහැදිලි වන බව ද පැවසූහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා පිළිබඳව විමසා සිටි මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ මෙම වැඩපිළිවෙළ විශේෂයෙන් දෙරටේම සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ අත්වන බව අවධාරණය කළහ.

මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සඳහා මහනායක හිමිපාණන්ගේ පුද්ගලික මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව ද මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් ස්තූතිය පුද කළේය.

(ලංකාදීප)

පුවත්

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

Published

on

By

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් දන්වා ඇත්තේ  “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය” නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරමින් ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන විට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණිලි ලැබෙන බවය.

මෙම ෆේස්බුක් ගිණුම සමග දෙහිවල සත්වෝද්‍යානයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වාදෙන එම සත්වෝද්‍යානය සඳහන් කර ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවත්වන බවත් එම දිණුම් ඇදීම අවසානයේ ජයග්‍රාහකයින්ට විවිධ ත්‍යාග ලබා දෙන බවත් ආදී වශයෙන් පවසමින් මෙම මුදල් ලබා ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබුණු බවය.

ඒ අනුව ලිපියක් මගින් එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ නොමද ආකර්ශනයක් හිමි වී ඇති දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කීර්ති නාමයට හා විශ්වාසනීයත්වයට හානි වන මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය.

ඒ අනුව සිදුවන සමාජ මාධ්‍ය මගින් සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් සිදුකරනු ලබන මෙම මුදල් වංචාව සම්බන්ධව අවධානය යොමු කරමින් මෙය හැකි ඉක්මනින් වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

Continue Reading

පුවත්

ජනාධිපති ලේකම් සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක්

Published

on

By

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.

වර්තමානයේ  බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු 
විය.

මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී 
පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ යන 
මහත්වරු සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ජනපතිව සිටි සමයේ රනිල්ගේ විදෙස් සංචාර පිළිබඳ විමර්ශනයක්

Published

on

By


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි සමයේදී සිදුකරන ලද විදෙස් සංචාරයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පැවසුවේ පොදු දේපල පනත යටතේ අදාළ විමර්ශනයක් සිදුකරන බවය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved